Posts

  "මට ඉස්කෝලෙ පාඩමක් හරියට උගන්නන්‍න බෑ. එක එකා ඇවිත් කියනවා පුතා කෙල්ලත් එක්ක අර හන්දියේ හිටියා. මේ පාරෙන් ගියා. අතන කතා කර කර හිටියා. මෙතන කතා කර කර හිටියා. කියලා. අපිට පාරෙ බැහැලා යන්න නෑ උඹ හින්දා"   සැපට නින්දක් දාන් හිටපු මම උඩ ගිහිල්ලා ඇහැරුනේ අම්මගෙ ගෝරනාඩුවෙන්. මේ කියන්නෙ මටවත්ද මම හොරෙන් දොර රෙද්ද අස්සෙන් කාමරෙන් එළියට ඔලුව දාලා බැලුවා. අපෝ නෑ මන් ආරක්ෂිතයි. මගේ එකම සොයුරා මවගේ උදහසට ලක්ව ගෙට ගොඩවූ සැනින් බැනුම් අසමින් වචනයක්වත් නොදොඩා සිටින දුක්බර දසුන තව දුරටත් බලා සිටීමට සහෝදර ප්‍රේමය ඉඩ නොදේ. "මොනවද අම්මෙ අයියට ගෙට එන්නවත් දෙන්නකො කාලි අම්මා වැහුණා වගේ කෑ ගහන්නෙ වට පිටටත් ඇහෙනවා. ලැජ්ජ නැද්ද දොර ගාව ඉදන් කෑ ගහන්නෙ ?" කවදත් අම්මා සමඟ එකට එක කියන මම හඩ අවදි කලා. එසැනින් අම්මාගේ අවධානය මා දෙසට හැරුණු බැවින් අයියා එතනින් ගැලවී කාමරයට පැන ගත්තත් මා බැනුම් ඇසීම නැවැත්වීමට කිසිවෙක් නොමැති විය. "ආ නැගිට්ටද පන්දම්කාරයා. උඹත් හැදියන් රට්ටු හිනස්සන වැඩ කර කර. ලබන අවුරුද්දෙ ඒ ලෙවල් කරන එකෙක් ඔහොම නිදාගෙන හිටියම හරි යනවද. ...
Image

How the Detonators work.

Image
Image
Image
https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fceyrail.blogspot.com%2F2013%2F06%2Fblog-post.html%3Fm%3D1&h=fAQHLCxxN